IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පෙර පාසල් දරුවන් සියයට 14-16කට නියමිත උස හා බර නැහැ

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් දරුවන්ගෙන් 14-16%ත් අතර නියමිත උස හා බරින් යුක්ත නොවන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍ය නලීන් විජේසේකර මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ දිස්ත්‍රික්කයේ දරුවන්ගේ පෝෂණ මට්ටම මෙලෙස අඩුවීමට ප්‍රධානම හේතුව  ආර්ථික ගැටළු නොව වැරදි චර්යා රටාවන් බවයි.

නියමිත බර සහිතව උපදින දරුවන් වැරදි වර්යා රටාවන් හේතුවෙන් පසුකාලීනව මන්ද පෝෂණ තත්ත්වයකට ඇද දමා ඇති බවද පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ඒ මහතා පවසයි.
 
“දෙමාපියන් දරුවන්ගේ පෝෂණය සම්බන්ධව සැලකිලිමත් වන්නේ නැහැ.  ගෙදර කන බොන කෑම හා ආහාර පුරුදුවල සිට අප මේ වෙනස ඇති කළ යුතුයි.  ඔවුන්ගේ ආර්ථිකය යහපත් කළ පමණින් සියල්ල ඉටු වන්නේ නැහැ. නිවැරදි පෝෂණය සම්බන්ධව නිසි උපදෙස් ද ලබා දිය යුතු වෙනවා. අප සැලසුම් කරන වැඩසටහන් වල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ චර්යා රටාවන් වෙනස් කිරීමයි. පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී හා ඒවාට මුදල් යෙදවීමේදී මේ සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

වෛද්‍යවරයා මෙම අදහස් පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් පෝෂණය සම්බන්ද බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට ගත් අවස්ථාවේ දී ය.  ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක වන ජාතික පෝෂණ වැඩසටහන යටතේ මෙම සැලසුම ක්‍රියාත්මක වේ.



අදහස් (1)

පෙර පාසල් දරුවන් සියයට 14-16කට නියමිත උස හා බර නැහැ

Asanka Thursday, 27 July 2017 06:16 AM

දරුවන්ව පෝෂණය කල හැකි මට්ටමට ආර්ථිකය හදාගත් පසු පමණක් දරුවන් බිහි කල යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 317 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site