ඔගස්ටින් ප‍්‍රනාන්දු
අතුරු මාර්ගයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කොන්ත‍්‍රාත්තුව භාර ගත් සමාගම එම කාර්යය නිසි ලෙසින් ඉටු නොකළ බව කියමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම කාර්ය මණ්ඩලයේ පිරිස රඳවාගෙන සිටිය දී බේරා ගත් බව පොලිසිය කියයි.
කංජික්කුලිය මස් කඩේ හංදියේ සිට ඌර්උඩයන්දළුව මාර්ගය ඊට අවශ්‍ය බොක්කු ද යොදා කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කොන්ත‍්‍රාත්තුව කැලණිය ප‍්‍රදේශයේ ආයතනයක් මීට වසර එකහමාරකට පමණ පෙර බාර ගෙන තිබිණි.
වැඩ නියමාකාරයට නිම නොකර කාර්ය මණ්ඩලයේ කම්කරුවන් හත් දෙනෙකු හා තාක්ෂණික නිලධාරියෙකු අද පස්වරු වැඩපොළ වසා දමා තම භාණ්ඩ පටවාගෙන පිටව යද්දී ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් රඳවාගෙන ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd