(අනීෂා මානගේ)
කුඩාවැල්ල ධීවර වරාය ආසන්නයේදී බහුදින යාත්‍රාවක් පෙරළීමෙන් දියේ ගිලුණු ධීවරයන් පස්දෙනා සුරක්ෂිතව බේරාගැනීමට වරායේ සිටි තවත් ධීවරයන් පිරිසකට අද(26) හැකි වූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අනතුරට ලක්ව තිබුණේ නිල්වැල්ල ධීවර වරායට අයත් බව කියන “දම්සාරී” නම් බහුදින ධීවර යාත්‍රාවකි.
ධීවරයන් පස්දෙනකු රැගෙන මෙම යාත්‍රාව දැනට දින 24කට පමණ ඉහතදී නිල්වැල්ල වරායෙන් පිටත්ව ගොස් තිබිණි. මසුන් රැගෙන නැවත මෙම පිරිස අද(26) උදෑසන කුඩාවැල්ල ධීවර වරායට පැමිණ මසුන් ගොඩට දමා නැවතත් නිල්වැල්ල ධීවර වරායට පැමිණෙමින් තිබියදී යාත්‍රාව අනතුරට ලක්ව ඇත.
කුඩාවැල්ල ධීවර වරායට ආසන්නව කුඩාවැල්ල සහ නිල්වැල්ල ධීවර වරායන් අතර යාත්‍රාව පෙරළී තිබූ අතර එතැන් සිට කිලෝමීටර දෙකක් පමණ මුහුදෙහි යාත්‍රාව ගසාගෙන පැමිණ තිබිණ.
ප්‍රදේශයට පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් මුහුදෙහි පවතින රළු ස්වභාවය නිසා ධීවර යාත්‍රාව අනතුරට ලක්වූ බව ධීවරයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd