පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් පාරිසරික උරුමය මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පරිසර නියමු වැඩසහන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි.
අට වන වරටත් පැවැති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයේ දී පාසල් 40ක පරිසර නියමුවන් 93 දෙනෙක් ජනාධිපතිතුමා අතින් ජනාධිපති පදක්කම් ලැබූහ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල්, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(36698)
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)




2025 දෙසැම්බර් මස 04
27
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබති