(බිඟුන් මේනක ගමගේ )
2019 වසර සඳහා පාසල් දරුවන්ට ඉංග්‍රීසි පොත් වර්ග තුනක් නැවත මුද්‍රණය කිරීමට සිදුවීමෙන් රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් නාස්ති වී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව සඳහන් කරයි.
ඉංග්‍රීසි වැඩ පොත, පෙළ පොත හා ලිවීමේ පොත යන පොත් වර්ග තුන මෙසේ නැවත මුද්‍රණය කිරීමට සිදුව තිබෙන්නේ ඒවායේ දෝෂ සහිත මුද්‍රණ නිසා යැයි ද එහි සඳහන් වේ.
තවද 2019 වසර සඳහා රුපියල් ලක්ෂ 34 999 ක් වැය කර පාසල් පොත් වර්ග 419 ක් මුද්‍රණයට කටයුතු කර ඇතත් ඊට අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලැබී නැත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.