(කේ බුද්ධික කුමාරසිරි සහ පි‍්‍රයන්ත ජයලත්)
කොළඹ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ක සේවකයෝ තමන් සේවයේ නියුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද(20) විරෝධතාවයක නිරත වූහ.
පවුල් ලක්ෂ හයකට අළුතින් සමෘද්ධි හිමිකම් ලබා දීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ නව සමෘද්ධිලාභීන්ට හිමිකම්පත් ප‍්‍රධානය නිමිත්තෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (19) හෝමාගම විල්ෆ‍්‍රඞ් සේනානායක ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයේදී ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා, කොළඹ දිස්ති‍්‍රක් ලේකම් සුනිල් කන්නංගර මහතාට අශීලාචාර ලෙස බැණ වැදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
කළු පටි පැළඳ පැයකට ආසන්න කාලයක් මොවුහු විරෝධතාවයේ යෙදුණහ.
කොළඹ දිස්ති‍්‍රක්කයේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඉදිරිපිටදීම මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
(හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ විරෝධතාවේ ජායාරූප)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උදවියට කතිරේ ගහපු කට්ටිය යවන්න පෙරපාසල්...