සිරංගිකා ලොකුකරවිට
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම අද (10) පැවැති අතර එහි දී සභාවේ මන්ත්‍රීවරුන්ට මුදල් ප්‍රතිපාදන වෙන්කරන ආකාරය සාකච්ඡාවීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
එහි දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ තමන්ට නිශ්චිත ප්‍රතිපාදන ප්‍රමාණයක් සභාවෙන් නොලැබෙන්නේනම් දෙපැත්ත බෙදී සභාව කරගෙන යාමට සිදුවන බවයි. බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ පාලන බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබෙන අතර එම කණ්ඩායමට මන්ත්‍රීවරු 11 දෙනකු ඇතුළත් වෙති. විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ද 11 දෙනෙකි.
සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ආරම්භවිය. යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදුන් විට නැගී සිටි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර මහතා ඉල්ලා සිටියේ මන්ත්‍රීවරුන් සඳහා සභාවෙන් යම් නිශ්චිත ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර දෙන ලෙසයි. එයට පිළිතුරු ලෙස ප්‍රාදේශීය සභාවේ සභපති දිල්රුක් අබේකෝන් මහතා විසින් පැවසුවේ පෙර කිසිම දිනක මෙම සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා ප්‍රතිපාදන ලබා නොදුන් බවයි.
සභාවේ උප සභාපති සුමිත් ජයසේකර මහතා මෙසේ පැවසුවේය.
"මහින්ද අමරවීර ඇමතිවරයා කියලා තිබුණා පොදුජන පෙරමුණට බලය තිබෙන සභාවලට ප්‍රතිපාදන දෙන්නේ නැහැ කියලා. එහෙම කියලා තියෙද්දී අපි මොකටද අපිට බලය තිබෙන සභාවල විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන වෙන් කරන්නේ? මේක කාලකන්නි ජන්ද ක්‍රමයක්. මහජන මුදල් විනාශ කරන ක්‍රමයක්.‘‘
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් කියාස් මහතා - ‘‘කළින් අවුරුදු වල සභාවත් ඔයාලගේ, ආණ්ඩුවත් ඔයාලගේ, දැන් සභාව ඔයාලගේ, ආණ්ඩුව අපේ, එතකොට විපක්ෂයට දුන්නෙත් නැහැ. දැන් දෙන්නෙත් නැහැ. මෙකෙ සාධාරණයක් තියෙන්න ඕන.‘‘
ප්‍රේමලාල් අබේසේකර මහතා - සභාපති තුමාගේ තීරණය ඒක නම් අපි දෙපැත්තට බෙදිලා විපක්ෂයේ වාඩි වෙමු. ඊට පස්සේ බලමු මේ සභාව ගෙනියන්නේ කොහොමද කියලා. මේ සභාවේ ආණුඩු පක්ෂයට මන්ත්‍රීවරු 11ක් සහ විපක්ෂයට මන්ත්‍රීවරු 11ක් ඉන්නවානේ"
මොහොමඩ් කියාස් මහතා - "එක අවුරුද්දකින් සභාපතිකම වෙනස් කරන්න පුළුවන්"
සභාපති දිල්රුක් අබේකෝන් මහතා - ‘‘මම රස්සාවත් දාලා ආවේ මේ සභාපතිකම බලාගෙන නෙවෙයි. ඔබතුමාලා යෝජනා ඉදිරිපත් කරන්න. අපි ඒවාට ප්‍රතිපාදන දෙන්නම්. නැතුව මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන වෙන් කරන්න බැහැ.‘‘
2025 දෙසැම්බර් මස 18
662
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රතිපාදන කතාවකින් බෝපෙ ප්‍රා සභාව උණුසුම් වෙයි