වැලිකඩ වෝල්ටර් ගුණසේකර මාවතේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරුවන් දෙදෙනකු ඇතුළු 14 දෙනකු අත් අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
සැකකරුවන් අතර ගණිකා වෘත්තියේ නියැලුණු කාන්තාවන් 12 දෙනකු අත් අඩංගුවට පත්විය. ඔවුන් වයස අවුරුදු 30 සහ 43 අතර පසුවන්නන් බවත් කෑගල්ල හිඟුරක්ගොඩ, අයගම, බඹරගස්වැව, පරකඩුව, වැල්ලම්පිටිය, හංවැල්ල, වැල්ලවාය, බොරැල්ල, ඌව කුඩාඔය, ඇහැලියගොඩ, පාදුක්ක, ගල්කිස්ස, රාගම ප්‍රාදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරයි.
කොළඹ අලුත්කඩේ අංක 4 අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කර ඇත. සැකකරුවන් සහ සැකකාරිය අද (26) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(85515)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු අමතිතුමෙකුත් හිටියා. එයාව පොලිසියෙන් දන ගස්සලා තිබ්බ කියලා ආරන්චියි.