( රංජිත් රාජපක්‍ෂ )
නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කළ බව කියන පුද්ගලයකු බගවන්තලාව බි‍්‍රඩිවෙල් වතුයායේදී අද (05) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.
බලපත‍්‍රයක් නොමැතිව මත්පැන් අලෙවි කිරීම හා පොහොය දිනයේ මත්පැන් අලෙවි කිරීම මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
පොහෝ දිනයේ මත්පැන් අලෙවි සැල් වසා තැබෙන නිසා මෙම සැකකරු මත්පැන් බෝතල් අධික මිලකට අලෙවි කර ඇතැයි පොලිසිය කියයි.
සැකකරු සමග මිලිලිටර් 200 මත්පැන් බෝතල් 25ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුට එරෙහිව හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරන බව පොලිසිය පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.