(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීට වසරකට ඉහතදී වැටීමකින් සිදු වූ හදිසි මරණයක් බවට තීරණය කළ දෙදරු පියාගේ මරණය ඔහුගේ පුත් විසින් පහරදීමකින් සිදුවූ ඝාතනයක් බව හෙළි වීමෙන් පසු එම පුද්ගලයා අද (15) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බණ්ඩාරගම - ගල්කුඩේ පදිංචිව සිටි කිදෙල්පිටියගේ සුනිල් පෙරේරා නොහොත් සුදයියා (61) නැමත්තෙකි.
නිවස යාබද ගොඩනැගිල්ලක අඩි 7ක් පමණ උසින් යුතු බැම්මක් මත ඝාතනයට ලක්වූ පුද්ගලයා නිදාගෙන සිටියදී එයින් වැටී තුවාල වූ බවට පවසමින් සැකකරු හා මව විසින් ඔහු හොරණ මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd