( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොරෝනා ආසාදිතයන් බවට හදුනාගත් වැලිසර නාවික කදවුරේ සෙබලුන් දෙදෙනාගේ සමීපව ඇසුරු කළ පළමු ආශ්‍රිතයන් 27 දෙනෙකු හදුනාගෙන අද දින පයාගල ප්‍රදේශයේදී පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ බව කලුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කලුතර මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය .
වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා අගලවත්ත ඇතුළු අවට ගම් ප්‍රදේශ වලට පැමිණ සිටි නාවික සෙබලුන් 21 දෙනෙකු පීසීආර් පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන් සිව් දෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වී තිබිණි .
එයින් දෙදෙනෙකුගේ සමීපතමයන් හට අද දින පීසීආර් පරීක්ෂණයක්ද සිදු කළ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd