(දයාරත්න ඇඹෝගම)
සිය පෙම්වතියගේ 60 හැවිරිදි මවට පොල්ලකින් පහරදී ඝාතනය කළැයි කියන 23 හැවිරිදි පෙම්වතා කිතුල්හිටියාවේදී අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම පොලිසිය කියයි.
මෙම පොලු පහර දීමෙන් මිය ගොස් ඇත්තේ දඹුලුහල්මිල්ලැව,බෝගහවැව,ගල්කිරියාගම ලිපිනයේ පදිංචිව සිටි සමරකෝන් මුදියන්සේලාගේ චන්ද්‍රා නාලිනි (60) නැමති තිදරු මවකි.
මෙම කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිරියාගම දානියගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරැ අද (18) අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd