IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පමුණුගම ආහාර ගබඩාවකින් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු තොගයක් අත්අඩංගුවට

තිස්ස කොටින්කඩුව

වත්තල පමුණුගම ආහාර ගබඩාවක ගබඩාකර තිබු පරිභෝජනයට නුසුදුසු කිලෝ ලක්ෂයකට වැඩි ලොකු ලූනු තොගයක් අත් අඩංගුවට ගත් බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පැවසිය.                                                               

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලද තොතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.    

පසුගිය සිංහල අලුත් අවුරුද්ද සහ ලග එන වෙසක් උත්සව සමයේ මහජනතාවට විකිණිමට අරමුණ කරගනමිිින්  කන්ටේනර් 6 ක බහා හොද ලූනු සමග මිශ‍්‍ර කර මේ ලූනු තොගයද මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු ලැබි ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා පවසා සිටියේය.

සිද්ධියට සමිබන්ධ සැකකරු සහ පැමිණිල්ල වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන ඇති පරිභෝජනයට නුසුදුසු ලූනු තොගය වහාම විනාශ කර දැැමිමටත් සැකකරු ලබන ජුනි මස 27 දින නැවත අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් වත්තල මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රි රාගල මහතා නියෝග කොට ඇත.
 
අධිකරණයේ නියෝගය පරිදි වත්තල මාබෝල ප‍්‍රාදේශිය සභා කොටිඨාසයේ පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් කසල අංගනයේදි ඉකුත් (02) නරක්ව තිබු ලූනු තොගය විනාශ කිරිමට කටයුතු යෙදු බව වරුණ අමරසේකර මහතා පැවසිය.
මෙම වැටලීම වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කර්යාලයේ වෛද්‍ය නිලධාරි සී අසුන්පටිටා මහත්මියගේ උපදෙස් මත වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන්  වත්තල  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් පිරිසක් විසින් සිදුකොට ඇත. 



අදහස් (0)

පමුණුගම ආහාර ගබඩාවකින් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු තොගයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site