ක.ග කරුණාරත්න
ඩෙටනේටර්ස් නමැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අද (17) අලුයම අරලගංවිල දම්මින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
මොවුන් සතුව ඩෙටනේටර්ස් 15 ක් තිබූ බව පොලිසිය සඳහන් කළේය.
නිධානයක් හෑරීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන යන බව සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.
මෙම ඩෙටනේටර්ස් තොගය මොවුන්ට ලැබුණේ කෙසේද යන්න සොයා බලන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පැවසූහ.
අරලගංවිල පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd