IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


පුපුරණ ද්‍රව්‍ය තොගයක් පේසාලෙන් සොයා ගනී

(සිතුම් චතුරංග)
            
මන්නාරම, පේසාලේ, නඩුකුඩු කැළෑ ප‍්‍රදේශයක සඟවා තිබූ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව පේසාලේ පොලිසිය කියයි.


ආරක්ෂක අංශ බුද්ධි නිලධාරීන් විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පවතින බවට පේසාලේ පොලිසිය වෙත ලබාදුන් තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.


සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර කිලෝ පහක් පමණ බරින් යුත් ක්ලේමෝ බෝම්බයක්, පුපුරණ ද්‍රව්‍ය සහිත ජෙලට් නයිට් කූරු හතරක්, එම්. පී. එම්. ජී. තුවක්කු කොටසක්, ඒවාට යොදන උණ්ඩ, රොකට් ලෝන්චර් ගිනි අවියක් ඇතුළු ආරක්ෂක අංශ පළදින සපත්තු සොයාගත් බව පොලිසිය පැවසීය.


යුද සමයේ පලා යන ත‍්‍රස්තවාදීන් නැවත භාවිතයට ගැනීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය සඟවා පලාගොස් තිබූ බවයි.


හමුවූ පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි කොටස් දිරාපත් නොවන ලෙස පොලිතීන් කවර යොදා ආරක්ෂා සහිතව අසුරා තිබූ බවද පොලිසිය සඳහන් කළේය.


සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මන්නාරම මහෙස්ත‍්‍රාත් අධිකරණය කරුණු වාර්තා කිරීමෙන් පසුව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නිෂ්ක්‍රීය කිරීමට බාරදෙනු ලැබීය.



අදහස් (0)

පුපුරණ ද්‍රව්‍ය තොගයක් පේසාලෙන් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 288 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site