(නවරත්න සමරතුංග)
අම්පාර උහන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිමඩ බන්ට් ප‍්‍රදේශවාසීහු පිරිසක් අද(22) උදෑසන තම ගමට පානීය ජලය ලබා දෙන අදාළ බලධාරීන්ට බල කරමින් උද්ඝෝෂණයක නිරතවූහ.
1955 වසරේදී පිහිටුවන ලද මෙම ජනපදයට මෙතෙක් කිසිදු රජයක දේශපාලන අධිකාරිය විසින් පානීය ජලය ලබා දීමට පියවර නොගත් බව ඔවුහු පවසති.
එම ගමේ සමිති කාර්යාලය අසලට රැස්වූ ගම්වාසීහු අම්පාර මහනුවර ප‍්‍රධාන මාර්ගයට පැමිණ මෙසේ උද්ඝෝෂණය කළහ.
එම ස්ථානයට පැමිණි උහන සහකාර ප‍්‍රාදේශීය ලේකම් කේ.එම්.කේ.එස්.කුලතුංග මහත්මිය පානීය ජල පහසුකම් ලබා දිය යුතු මෙවැනි ස්ථාන 14ක් පමණ හඳුනා ගෙන ඇති බව පැවසුවාය. මෙම වසරට මුදල් වෙන් නොවුණත් මෙය ප‍්‍රබල ඉල්ලීමක් ලෙස සලකන බවද කීවාය. මාස හතරක් ඇතුළත මෙය ඉටුකිරීමට උත්සුක වනබවද කුලතුංග මහත්මිය කීවාය.



2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පානීය ජලය ඉල්ලා උහන උද්ඝෝෂණයක්