(හේමලතා ඞී හේවගේ)
පන්නල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෝරාගත් ග‍්‍රාමසේවා වසම් 07 ක ත‍්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු හා අඩු ආදායම්ලාභී පවුල් 450 කට එළවඵ වියලි ආහාර ද්‍රව්‍ය ඇතුඵ අත්‍යාවශ්‍ය ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් අද (06) වේරහැර ශ්‍රී සිද්ධාර්ථාරාම පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
විහාරාධිපති ඇලබඩගම සීලක්කන්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායකසභාවල ධානපතියන් සහ පරිත්‍යාගශීලීන්ගේ අරමුදලින් වේරහැර, කෝන්ගොඩල හුණුවිල,බෝවත්තල ඇලබඩගම උතුර,දකුණ, නැගෙනහිර, බටහිර, යන ග‍්‍රාමසේවා වසම් අටක පවුල් වෙත මෙම සත්කාරය සිදුකරනු ලැබීය.
මෙහිදී විහාරාධිපති හිමියන් ඇතුඵ දායක සභාවේ නිලධාරීන් අතින් එම පවුල්වල සාමාජිකයින් වෙත මෙම ආහාර ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් බෙදාදෙනු ලැබූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd