
(හේමලතා ඩී. හේවගේ)
පන්නල ප්‍රාදේශීය සභාවේ මහා සභාව පැවති අද (09) දින එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර පන්නල ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ සමගි ජන බල වේගය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිස, වෙනත් කරුණු යටතේ අදහස් ඉදිරිපත් කිරීමේදී කාලය සීමාකිරීමට විරෝධතාවය පාමින් සභාවෙන් පිටව ගියහ.
වෙනත් කරුණු යටතේ අදහස් ඉදිරිපත් කිරීමේදී සභාවේ සිටින සියලු මන්ත්‍රීවරුන්ට පොදුවන සේ කථාව විනාඩි පහකට සීමාකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි සුපුන් රංගන මහතා යෝජනා කළේය. ඒ සමග විපක්ෂය නියෝජනය කළ නන්දසිරි පරාක්‍රම මන්ත්‍රීවරයා මාසයකට වරක් රැස්වන මෙම සභාවේදී මන්ත්‍රීවරුන්ගේ කාලය සීමා කිරීම ඔවුනට කරන අසාධාරණයක් බවත් විපක්ෂයක් හැටියට එයට විරුද්ධ වන බවද පැවසීය.
සභාවේ අදහස් දෙකක් මතුවීම නිසා ඡන්දයක් පැවැත්විය යුතුබව පැවසූ සභාපති රංජිත් ලංසක්කාර මහතා ඡන්ද විමසීමක් සිදුකරනු ලැබූ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 19 ක් විපක්ෂව ඡන්ද 10 ක් ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු සිව්දෙනා ඡන්දය ප්‍රකාෂ කිරීමෙන් වැළකී සිටියහ.
අනතුරුව සමගි ජනබලවේගය නියෝජනය කරන විපක්ෂ නායක චන්දන ප්‍රසාත් මහතා ඇතුඵ මන්ත්‍රීවරුන් පිරිස සභාවෙන් පිටව ගිය අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා ඇතුඵ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සභාපති රංජිත් ලංසක්කාර මහතා සභාවේ වැඩකටයුතු ඉදිරියට ගෙන ගියේය.
2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1002
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පන්නල ප්‍රා. සභා රැස්වීම මැද මන්ත්‍රීවරු පිටව යති