IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පේදුරුතුඩුව පොලිසියේ සර්ව ආගමික පූජා මන්දිරයක් ඉදි කෙරේ

(නිමල කොඩිතුවක්කු)

බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික බැතිමතුන්ට වන්දනාමාන කළ හැකි සර්ව ආගමික පූජා මන්දිරයක් ප‍්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයන් සහ පොලිස් නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පේදුරුතුඩුව පොලිස් ස්ථානයේදී ඉදි කරනු ලැබීය.

මහජන සම්බන්ධතා සහ ආගමික සංහිඳියාව ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික බැතිමතුන්ට එකම ස්ථානයක සිට වන්දනාමාන කිරීමේ අරමුණින් මෙම සර්ව ආගමික පූජා මන්දිරය ඉදිකළ බව පේදුරුතුඩුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයලත් මහතා පැවැසීය.

මෙම සර්ව ආගමික පූජා මන්දිරය පිහිටි භූමියේම බෝ, නා, සහ සල් පැළ රෝපණය කිරීමක්ද සිදුකෙරිණ.

සර්ව ආගමික පූජා මන්දිරය ඉදිකිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේදුරුතුඩුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයලත් මහතා මෙසේ කීය. 

    ‘‘මේ වගේ සර්ව ආගමික පූජා මන්දිරයක් පොලිස් ස්ථානයක ඉදිවූ පළමු අවස්ථාව මෙයයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ප‍්‍රජා පොලිස් සංකල්පය අනුව මහජන සම්බන්ධතා සහ ආගමික සංහිඳියාව ගොඩනැගීම අරමුණු කරගනිමින් අප මේ සර්ව ආගමික පූජා මන්දිරය ඉදි කළා.

මම මේ පොලිසියට ඇවිත් අවුරුදු දෙකහමාරක පමණ වෙනවා. එම කාලය තුල ප‍්‍රදේශවාසීන් සමඟ ඉතා සමීප සබඳතාවයක් ගොඩනැගිමට අපට හැකි වුණා. එහි ප‍්‍රතිඵලයක් විදියට ප‍්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයන්ගේ සහයෝගය ඇතිව පේදුරුතුඩුව මූලස්ථාන පොලිස් නිලධාරින් විසින් මෙම සර්ව ආගමික ස්ථානය ගොඩනගනු ලැබුවා.

විවිධ ආගමික ජන කොටස් මෙම ප‍්‍රදේශයේ ජීවත් වෙනවා. ඒ සෑම පුද්ගලයෙකුටම මේ ස්ථානයට ඇවිත් ආගමික කටයුතුවල නිරත වෙන්න දැන් හැකියාව තියෙනවා.‘‘

මෙම අවස්ථාව සඳහා සර්ව ආගමික නායකයන්,  කන්කසන්තුරය කොට්ඨාස භාර පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය, පේදුරුතුඩුව නගරාධිපති ජෝෂප් ඉරුදයරාජා, වඩමාරච්චි උතුර ප‍්‍රදේශිය ලේකම් අල්වායි ශ්‍රී පිල්ලේ,  ප‍්‍රජා පොලිස් උපදේශක කමිටුවේ සභාපති මහාචාර්ය නවරාජ් සුන්දරම්,ආරක්ෂක අංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්, ප‍්‍රජා පොලිස් කමිටු සාමාජිකයන්, ව්‍යාපාරිකයන් ඇතුලු පිරිසක් මේ සඳහා එක්වූහ.



අදහස් (0)

පේදුරුතුඩුව පොලිසියේ සර්ව ආගමික පූජා මන්දිරයක් ඉදි කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 68 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site