IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පේදුරුතුඩුවේ පිපිරීමකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහලේ

සිතුම් චතුරංග

පේදුරුතුඩුව , වල්ලිපුනම් , අල්වාර් බෝ ගහ අසල මාර්ග බාධක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් සිටි ස්ථානයක සිදුවූ පුපුරා යාමකින් එක් කොස්තාපල්වරයකු තුවාල ලබා අද(27) උදෑසන මන්දිගායි රෝහල වෙත ඇතුළත්කර ඇති බව පේදුරුතුඩුව පොලිසිය කියයි.

අද උදෑසන 07.10 පමණ මෙම පුපුරායාම සිදුව ඇති අතර එහිදී කොස්තාපල්වරයාගේ පාදයට සුළු තුවාල සිදුව ඇති බවද පොලිසිය පැවසීය.

ටින් එකක් තුල සූක්ෂම ලෙස සකස්කළ පීඩන බෝම්බයක් වැනි යමක් නිලධාරීන් රාජකාරීකළ ස්ථානයේ පොළව මතුපිටට පෙනෙනෙ සේ වළලා තිබී ඇති අතර එය පුපුරා නිලධාරියා හට තුවාල සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

පුපුරායන අවස්ථාවේ උපපොලිස් පරීක්ෂකවරයකු හා තුවාල ලැබූ කොස්තාපල්වරයා රාජකාරියේ සිට ඇති අතර ඔවුන් සිටි ස්ථානයේ මෙය පුපුරා ගොස් ඇති බවත් උපපොලිස් පරීක්ෂකවරයාට තුවාල සිදුව නොමැති බවද පොලිසිය පැවසීය.

පිපිරීමෙන් එලෙස තුවාල ලබා ඇත්තේ පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරීකළ (90230) ඩබ්ලිව්.ඩබ්ලිව්.ටි.ඒ ප්‍රනාන්දු යන නිලධාරියා බවද පැවසීය.

තුවාල ලැබු නිලධාරියා පේදුරුතුඩුව මන්දිගායි රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ දකුණු පාදයේ වළලුකර ආසන්නයේ පිපිරීම හේතුවෙන් තුවාල ලබා ඇති බවත් එය සුළු තුවාලයක් බවද මන්දිගායි රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.

පිපිරීම සිදුවූ පේදුරුතුඩුව , මරදන්කේණි මාර්ගයේ නිරන්තරයෙන් වැලි ජාවාරම් සිදුවන බැවින් එම ජාවාරම්වලට සම්බන්ධ පිරිසක් නිලධාරීන් බියවැද්දිම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය සහිත ද්‍රව්‍ය අටවා තබන්නට ඇති බවට විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් සැකපලකරති.

පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය හා යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශයද විමර්ශන සිදුකරති.

පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (0)

පේදුරුතුඩුවේ පිපිරීමකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site