(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

පුද්ගලයකුගේ හිසට පිහියකින් ඇණ සහ කෙටේරියකින් පහර දී  බරපතල තුවාල කළ සැකකරුවෙකු නොවැම්බර් මස (07) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එම්. එම්. රෆික් මහතා අද (27)  දා නියෝග කළේය.

බලන්ගොඩ රාස්සගල වතු යායේ පදිංචි  42  හැවිරිදි සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
පහර කෑමට ලක් වූ  38 හැවිරිදි පුද්ගලයා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

රාස්සගල වතු යායේ දි ඊයේ (26) දා දෙපිරිසක් අතර ඇති වු ගැටමකදී  මෙම පුද්ගලයාට පහර දී තිබේ.