IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෞද්ගලික ඉඩමක දුරකතන කුලුනක් ඉදිකරනවාට විරෝධතාවක්

(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල බටගන්විල පෞද්ගලික ඉඩමක දුරකතන කුලුනක් ඉදිකිරීම නතරකරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් අද(18) ඉඩමට පිවිසෙන මාර්ගය අවහිර කරමින්  විරෝධතාවක නිරතවූහ.
 
කිසිදු අවසරයකින් තොරව මෙම දුරකතන කුලුන ඉදිකරන බවත්,  එයින් නිකුත් වන අධි සංඛ්‍යාත තරංග මගින් පිළිකා අවදානම ඇතුළු සෞඛ්‍ය ගැටලු මතුවන බවත්, මී මැස්සන් වඳවීම, අකුණු අවධානම ඇතිවීම වැනි ගැටලු මතුවන බවත් ඔවුහු පැවසූහ.
 
එම ස්ථානයට පැමිණි ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා කියාසිටියේ මෙම කුලුන ඉදිකිරීමට ඉඩම් හිමියා 2017 වසරේ ඉඩම ලබාදී ඇති අතර මේ සඳහා නගර සභාවෙන් අනුමැතිය ලබාගෙන නොමැති බවය. එවකට බලය තිබු නාගරික සංවර්ධන අධිකාරියෙන් පමණක් අවසරයක් ලබාගෙන ඇති බවද නගරාධිපතිවරයා කිය.
 
මේ සම්බන්ධයෙන් නාගරික ඉංජිනේරුවරයා හෝ තාක්ෂණික දැනුවත් කර නොමැති බවත් කිලෝමීටර් දෙකක් ඇතුළත දුරකතන කුලුනු දෙකකට වඩා නොතිබිය යුතු නමුත් ගාල්ල නගර සභා සීමාව තුළ කුලුනු 9ක් තිබෙන බවද ඒවා එකක්වත් අනුකූලතා සහතිකයක් ලබාගෙන නොමැති බවද නගරාධිපතිවරයා කියා සිටියේය.
 
එනිසා මෙම කුලුන ඉදිකිරීම නතර කිරීමට පියවර ගන්නා බව පැවසු නගරාධිපතිවරයා ලබන 27වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ද මෙම ගැටලුව ඉදිරිපත් කරන බවද කියා සිටියේය.
 
නගරාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව විරෝධතාකරුවෝ විසිර ගියහ.

 

 



අදහස් (2)

පෞද්ගලික ඉඩමක දුරකතන කුලුනක් ඉදිකරනවාට විරෝධතාවක්

lalithm Tuesday, 18 February 2020 07:49 AM

ඔය උද්ඝෝෂකයෝ කව්රුත් දුරකථන පාවිච්චි කරන්නේ නැතිනම් ඔය විරෝධතාව හරි. එහෙම නැතිනම් ඉතින් ඔය ලෝකේ ලොකුම ලෙඩේ. ඊර්ෂ්‍යාව. කාටහරි කීයක් හරි ලැබෙන එක නවත්වන්න අවශ්‍යතාව. විරෝධතා කරුවන් කියන කතා ඔක්කොම විහිලු. කණගාටුව නගරාධිපතිත් බොරුකාරයන්ට රැවටෙන එක.

:       0       0

එච්.බී.ශාමින්ද කුමාර Tuesday, 18 February 2020 11:52 AM

මෙය ඉතා විශාල වරදක්. මෙවැනි කුළුණු ඉදිකරන්නේ නම් ඒ සදහා ජන ඝණත්වය අඩු තැන් තෝරා ගත යුතුයි. එමගින් ජාලය පුළුල් කර ගන්න පුළුවන. එකම කුළුණක ආයතන ගණනාවක ව්‍යාප්තිය කල හැකියි. ව.කි. 2-4 වැඩි ප්‍රදේශයක් ආවරණය කිරීමෙන් කුළුණු අඩු කළ හැකියි. එමෙන්ම නියාමනය ඉතාම වැදගත්. ප්‍රජාව දැනුවත් කිරීමත් අත්‍යවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site