(නවරත්න සමරතුංග)
පොතුවිල සියඹලාණ්ඩුව ප‍්‍රධාන මාර්ගයේ 312 කිලෝමීටර් කණුව අසලදී අද (13) සවස යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් එහි ගමන්කළ අයෙකු මියගොස් ඇති අතර පැදිකරු බරපතල තුවාල ලබා පොතුවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොතුවිල පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහොමදු හුසේන් හකීම් නැමති බදුලුපිටිය බදුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවේ නසීම් රිස්වාන් නැමති ක‍්‍රිෂ්ටල් පාර සින්න උල්ල ප්‍රදේශයේ අයෙකි.
මොවුන් දෙදෙනා ලාහුගල දෙසින් පොතුවිල දෙසට ගමන් කරන විට කිලෝමීටර් 312 කණුව අසල වංගුවේදී යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන ආරක්ෂිත ගලක හැපී ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවණය වී ඇත.
එහිදි පැදිකරුවන් මීටර් 50 ක් පමණ ඈතට විසිවී ඇති බව කියති.
දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පොතුවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.