(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කරන පුත්තලම රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් කරුවලගස්වැව මින්රා ගාමන්ට් ආයතනය විසින් පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා වෙත ලබාදීම අද (23) සිදුකෙරිණි.
මෙම සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා මෙසේ පැවසීය.
“පුත්තලම මූලික රෝහලේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත කට්ටල තිබුණේ සීමිත ප්‍රමාණයක්.
මින්රා ගාමන්ට් ආයතනයෙන් අප කළ සුළු ඉල්ලීමකට අවදානය යොමු කරලා අපේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂිත කට්ටල විශාල තොගයක් අද පරිත්‍යාග කිරීම සිදුකළා.
මෙම පරිත්‍යාගය වෙනුවෙන් අපි කරුවලගස්වැව මින්රා ගාමන්ට් ආයතනයට ස්තුතිවන්ත වන අතර මුඛ ආවර්ණ පවා අවශ්‍ය තරම් නොමැති වටපිටාවක් තුල මෙම පරිත්‍යාගය විශාල සහනයක්‘‘ යැයි ඔහු පැවසීය.



2025 දෙසැම්බර් මස 04
351
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුත්තලම රෝහලට සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක්