(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කරුවලගස්වැව සාලියවැව ආදර්ශ මහා විද්‍යාලයේ ගුරුවරයකුගේ යතුරුපැදියට පහර දිමේ සිද්ධියේ සැකකාර පාසල් සිසුන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව පුත්තලම පොලිස් අධිකාරිවරයාටත් සාලියවැව පොලිසියේ ස්ථානාධිපතිවරයාටත් වහාම අධිකරණයේ පෙනි සිටින්නැයි පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා පොලිස් නිලධාරීන්ට අද (8) නියෝග කළේය
දිසා විනිසුරුවරයා මෙසේ නියෝග කරනු ලැබුවේ සාලියවැව ආදර්ශ විද්‍යාලයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය බාර ගුරුවරයාගේ යතුරුපැදියට එම විද්‍යාලයේම තවත් ගුරුවරුන් පිරිසක් සිසුන් ලවා පහරදී හානි කිරීමේ සිද්ධිය සාලියවැව පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීමට හේතු විමසීය.
මෙහිදි දිසාවිනිසුරුවරයා අධිකරණයේදී සාලිය වැව පොලිස් නිළධාරියාගෙන් විමසා සිටියේ මෙම අධිකරණයට ඉදිරිපත් කරන සෙසු නඩු වලදී සැකකරුවන් ඉදිරිපත් කිරීමට හැකි නම් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීමට හේතු විමසා සිටියේය .
මෙහිදී දිසා විනිසුරුවරයා විවෘත අධිකරණයේදී පවසා සිටියේ නීතිය සැමට සාධාරණ විය යුතු බව පවසා සිටි මහෙස්ත්‍රාත් වැඩිදුරටත් පවසා සිටියේ මෙම සිද්ධියට කවුරුන් හෝ අත පොවා තිබේද යන්නයි.
එහිදී අධිකරණයේ පෙනි සිටි සාලියවැව පොලිස්ථානයේ නිළධාරියා අධිකරණයට පැවසු කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත් නියෝග කර සිටියේ සිද්ධියට හේතු දැක්විම සදහා පුත්තලම කොඨඨාස බාර පොලිස් අධිකාරිවරයා හා සාලියවැව පොලිස්ථානාධිපති වහාම අධිකරණයේ පෙනී සිටින ලෙසය.
2025 නොවැම්බර් මස 04
364
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2162
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1640
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුත්තලම පොලිස් අධිකාරී - සාලියවැව ඕඅයිසීට නොතිසී