(රෝවන් පෙරේරා - එච්.චන්දන)
පුත්තලම නගරයේ තැපැල් කාර්යාලය පවත්වාගෙන ගිය පැරණි ගොඩනැගිල්ලෙහි හට ගත් ගින්නක් හේතුවෙන් ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුවී ඇති බව පුත්තලම පොලිසිය කියයි.
තැපැල් ස්ථානය නව ගොඩනැගිල්ලකට රැගෙන යාමෙන් පසු ගිනි ගෙන විනාශවී ගිය ගොඩනැගිල්ල වසර කිහිපයක සිට යාචකයින්ගේ නිවහනක්වී තිබු බවද පොලීසිය සඳහන් කරයි.
ඊයේ (18) රාත්‍රීයේ ඇති වු මෙම ගින්න හටගෙන සුළු කාලයකින් එම ස්ථානයට පැමිණි පුත්තලම පොලීසිය ගින්න නිවීමට කටයුතු කර ඇති අතර කල්අඩිය නාවික හමුදා ගිනි නිවන රථය, පුත්තලම සෙල්ලකන්දල් විශේෂ කාර්ය බලකායට අයත් ජල බවුසරය, පුත්තලම යුද හමුදා කඳවුරේ බවුසරය, සහා තවත් ජල බවුසර් කිහිපයක් ගෙන්වීමෙන් පසුව පැය දෙකක පමණ කාලයකින් පසුව ගින්න නිවා දැමීමට හැකිවූ බව පුත්තලම පොලීසිය පැවසීය.
ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති අතර ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී තිබේ. ගින්න හට ගැනීමට හේතුව තවමත් අනාවරණයවී නොමැති අතර ඒ පිළිබඳ පරික්ෂණ සිදුකරන පොලීසිය පවසයි.




2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
782
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුත්තලම පැරණි තැපැල් හලේ ගින්නක්