( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම පාලවිය ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයකු එම නිවෙස් හිමිකරුට හා ඔහුගේ බිරිඳට කඩුවකින් පහරදී තුවාලකර පැන ගොස් ඇතැයි පොලීසිය පවසයි.
බරපතල ලෙස කැපුම් තුවාල සහිතව සිටි තුවාලකරු සහ ඔහුගේ බිරිද ඊයේ (02) රාත්‍රියේම පුත්තලම මුලික රෝහලට ඇතුළු කර තිබේ.
බරපතල කැපුම් තුවාල ලැබු නිවෙස් හිමිකරු සිය බිරිඳ සමඟ රාත්‍රි ආහාර ගනිමින් සිටියදි ඒ ආසන්නයේ පදිංචි මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බව කියන සැකකරුවකු නිවසට කඩුවක්ද රැගෙන කඩා වැදි කඩුවෙන් කපා ඇති බවත් එය වැලැක්විමට ගිය නිවෙස් හිමිකරුගේ බිරිදටද බරපතල ලෙස පහර දි ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් එම සිද්ධියට සැක පිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. සැකකරු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
412
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලමේ අඹුසැමි යුවළකට කඩුවකින් පහර දීලා