
(රංජිත් රාජපක්ෂ)
හැටන් වටවල ප්‍රදේශයේ ගල් කොරියක පැටවුම් යන්ත්‍රයක් ධාවනය කල ක්‍රියාකරු පැටවුම් යන්ත්‍රය පෙරලි එම ස්ථානයේදිම (16) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි එම්.අලිම් (35) නැමති අයෙකි.
වටවල පොලිස් වසමට අයත් අග්‍රඔය ප්‍රදේශයේ ගල් කොරියක කඩා තිබු කළු ගල් කොන්ක්‍රිට් ගල් කඩන යන්ත්‍රයට දැමිම සදහා පැටවුම් යන්ත්‍රයක් කඩා තිබු කළු ගල් රැගෙන යන අවස්ථාවේ පැටවුම් යන්ත්‍රය පාලනය කරගත නොහැකිව පැටවුම් යන්ත්‍රය අද (16) එහි ක්‍රියාකරු ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
කළු ගල් පටවා ධාවනය වෙමින් තිබු පැටවුම් යන්ත්‍රය ක්‍රියාකරුගේ පාලනයෙන් මිදි අඩි 25 ක් පමණ ප්‍රපාතයට පෙරලෙන අවස්තාවේ ක්‍රියාකරු එම පැටවුම් යන්ත්‍රයට යට වි ජිවිතක්ෂයට පත් වි ඇති බවත්, ජිවිතක්ෂයට පත් පැටවුම් යන්ත්‍රයේ ක්‍රියාකරුගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා වටවල රෝහලේ තැන්පත් කර ඇති බවයි වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විතානගේ මහතා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැටවුම් යන්ත්‍ර ක්‍රියාකරු යන්ත්‍රය පෙරළී එතැනම මරුට