(ඩී.ජී.සුගතපාල)
පෙට්‍රල් බෝම්බයකින් ගසා යාබද ඉඩමේ පදිංචි පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කර මිනි මැරිමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අඹු සැමි යුවලක් 18 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(05) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන් ලද්දේ ගාල්ල මහමෝදර පදිංචි නානායක්කාර වසම් පේරු කන්දගේඉන්ද්‍රලතා (64) සහ තනවීර ආරච්චිගේ යසපාල(62) යන අඹු සැමි යුවළකි.
තුවාලකරු සහ සැකකරුවන් අසල්වැසියන් වන ඔවුන් පදිංචි ඉඩමට වසර විසි හතරකට වඩා දීර්ගකාලයක් තිස්සේ පවතින ඉඩම් නඩුවක් තිබෙන බවත් ඒ සඳහා ලැබුණ නඩු තින්දුවලට සිවිල් අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා අභායාචනා ඉදිරිපත් කර තිබෙන බවත් පෙලිසිය අධිකරණයට කියා සිටියේය.
මේ අතර පසුගිය 4වනදින උදේ තුවාලකරු වැට මායිමේ තාප්පපයක් බැඳිම සඳහා කාණුවක් කපමින් සිටියදි සැකකරුත් ඔහුගේ බිරිඳත් තුවාලකරු සමග ආරවුලක් ඇති කරගෙන ඇති බවත් පසුව සැකකාරිය නිවසේ තිබු බැගයක් ගෙනැවිත් දුන් අවස්ථාවේ සැකකරු එහි තිබු පෙට්‍රල් බෝම්බයක් ගෙන එයින් තුවාලකරුට පහරදි ඇති බවත් පොලිසිය කියා සිටියේය.
පසුව කරන ලද පරික්ෂණයේදි නිවසතුල තිබු පැට්‍රල් මිලි ලිටර් 1660ක් පහන්තිර,හිස් බෝතල් කිහිපයක්ද සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙට්‍රල් බෝම්බ ගසා පුද්ගලයකුට තුවාල කළ අඹු සැමි යුවළ රිමාන්ඩ්