IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පුංචි ලෝකාන්තය පහළින් මිනිස් අස්ථි කොටසක් හමුවෙයි

( දිල්රුක්ෂි ග්‍රේරු) 
 
නකල්ස් , පිටවල පතන , පුංචි ලෝකාන්තයෙන් පහළ ප්‍රදේශයේ තිබී  මිනිස් අස්ථි කොටස් කිහිපයක්  සොයාගෙන ඇති බව ලග්ගල පල්ලේගම පොලීසිය පවසයි.
 
මෙලෙස මිය  ගොස් ඇත්තේ අලවතුගොඩ   පදිංචිව සිටි 20 හැවිරිදි  තරුණයෙකු බව හඳුනාගෙන ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
 
අස්ථි  කොටස්  තිබූ ස්ථානයේ තිබී ජංගම දුරකතනයක්, රියදුරු බලපත්‍රයක්,  උපකරණ කිහිපයක්ද සොයාගෙන තිබේ. 
 
පසුගිය වසරේ ඔක්තෝබර් 23 වැනිදා මෙම තරුණයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින්  පොලීසියට  පැමිණිල්ලක් කර ඇතැයිද අනාවරණය වී ඇත.
 
තරුණයාගේ මව පැමිණ එම භාණ්ඩ  අතුරුදන් වූ සිට පුතුගේ බව තහවුරුකරගත් බවද පොලීසිය සඳහන් කළේය.
 
ලග්ගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

පුංචි ලෝකාන්තය පහළින් මිනිස් අස්ථි කොටසක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site