IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘ නැ’හිර පළාත් කටයුතුවලදී සාධාරණවීමත් මැදහත්වීමත් වැදගත්’

(අමදෝරු අමරජීව)
 
නැගෙනහිර පළාත් සභාව යනු, සිංහල, දෙමළ,  මුස්ලිම්  ජන වර්ග තුනම  සිටින සංකීර්ණ පළාතක් බැවින් එහි වැඩ කිරීමේදි සාධාරණත්වය හා මධ්‍යස්ථභාවය අතිශය වැදගත් බව නැගෙනහිර නව ආණ්ඩුකාර ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (10) සිය ධුරයේ වැඩ භාර ගනිමින් පැවසීය.

ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සර්ව ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ඒ මහතා සිය ධූරයේ වැඩභාර ගත්තේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු  ආණ්ඩුකාර  ෂාන් විජයලාල්  සිල්වා මහතා මෙසේ කීය.

“මගේ දේශපාලන මතය කුමක් වුවත් ආණ්ඩුකාරවරයෙකු වූ පසු අර ගේට්ටුවෙන්  ඇතුළට  එනකොට දේශපාලන මතය නැමැති සලු පිලි ගලවලා ඇතුල් වෙන්න ඕන. එහෙම වුණාම තමයි  මේ පළාතේ ජනතාවට සේවය කරන්න ලෙහෙසිවන්නේ. පසුගිය දිනවල රට විවිධ හැලහැප්පීම්වලට ලක්වුණා. ඒ තත්වය තුළ  හැමෝම බැලුවේ  නැගෙනහිර පළාත දෙසයි. ඒ නිසා මේ පළාතේ වැඩ කිරීමේදි සුපරීක්ෂාකාරී වියයුතුයි. පුර්වගාමී  ආණ්ඩුකාරවරු නතර කළ තැනින් වැඩ පටන් ගන්න මම බලාපොරොත්තු වෙනවා.
 
ආණ්ඩුකාරවරු  සමඟ වැඩ කිරීමේදි ජනතා නියෝජිතයින්ගේ මතය අර්ථ නිරුපණය වෙන්නේ නැහැ. ඒ දේ මම කියන්නේ පෞද්ගලික කාරණයක් විදිහටයි. පවතින නීති වෙනස් කරන්න මට බැහැ. ඒ නිසා මේ ප්‍රශ්නයට හොඳම  විසඳුම පළාත් සභාමැතිවරණය කඩිනමින් පැවැත්වීමයි. මොන හේතුව නිසාද දන්නේ නැහැ පළාත් සභා මැතිවරණය කල් යනවා. දැනට ලංකාවේ ඇති පළාත් සභා නවයෙන් අටක් විසුරුවලා. සමහරු  පළාත් සභා ක්‍රමය විවේචනය කළත් එහි යම් මට්ටමක හොඳ දේ අරගෙන නැගෙනහිර කටයුතු කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර පළාත කියන්නේ බහු වාර්ගික, බහු ආගමික පළාතක්”  යැයිද පැවසීය.

මෙම අවස්ථාවට එක්වූ පළාත් ප්‍රධාන ලේකම්  ඩී.එම්.සරත් අභයගුණවර්ධන,ආණ්ඩුකාර  ලේකම් අසංක අභයගුණවර්ධන, පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති, හිටපු ඇමතිනි ආරියවති ගලප්පත්ති යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.



අදහස් (0)

‘ නැ’හිර පළාත් කටයුතුවලදී සාධාරණවීමත් මැදහත්වීමත් වැදගත්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site