(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මත් කුඩු පානයට මුදල් සෙවීම සඳහා නිවාස බිඳ දේපල සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු සොරාගත් රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා දේපල තොගයක් සමඟ අද (30) අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම කිතුල්වල පහලගම පදිංචි යුද හමුදා සෙබලකු සහ විදුලි කාර්මිකයෙකි.
30 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් දෙදෙනා මත් කුඩු පානයට ඇබ්බැහිවී ඇති බවත් ඒ සඳහා මුදල් සෙවීමට මෙසේ එක්ව හා තනි තනි වශයෙන් නිවාස බිදීම හා දේපල සොරකම් කිරීමේ යෙදී ඇති බවත් හෙළිවී ඇත.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරුවන් සතුව තිබී හොරොයින් ග‍්‍රෑම් 5 මිලිග‍්‍රෑම් 200 ක් සොයා ගැනීමට හැකිවී ඇති අතර ඔවුන් පැමිණි අංක තහඩු රහිත යතුරු පැදිය සොරකම් කරන ලද එකක් බවද අනාවරණය කරගෙන ඇත.
සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී පල්ලෙවෙල පොලිස් වසමේ නිවාස බිද දේපල සොරාගැනීම් 15ක්, වේයන්ගොඩ හතරක්, මීරිගම පොලිස් වසමේ සොරකම් තුනක් , නිට්ට්ඹුව, කොටදෙනියාව හා මීගමුව පොලිස් බල ප‍්‍රදේශවල සිදුකල සොරකම් එක බැගින් සිදු කර ඇති අතර එසේ සොරාගත් දේපල වලින් කොටසක් සොයා ගැනීමට පොලිසිය සමත්වී ඇත.
සොරාගත් දේපල වටිනාකම රුපියල් ලක්ෂ 30 කට ආසන්න වන බව පොලිසිය සැකකරයි. සොරා ගත් දේපලවලින් කොටසක් වේයන්ගොඩ ,මැදවත්ත කොස්ඇටදෙනිය, මීගමුව හා මීරිගම ප‍්‍රදේශයේ ස්ථානයන් කිහිපයකට විකුණා ඇතැයි පොලිසිය කියයි.
ගෑස් සිලින්ඩර් 10ක්, විවිධ ප‍්‍රමාණයේ රූපවාහිනි යන්ත‍්‍ර පහක්, ගස් කපන යන්ත‍්‍ර හතරක්, ඉලොක්ට්‍රෝනික් තරාදි දෙකක්, ග‍්‍රයින්ඩර් දෙකක්, වතුරට බස්සවන මෝටර් දෙකක්, තණ කොල කපන යන්ත‍්‍ර , නිවෙස්වලින් සොරාගත් රත්රන් ග‍්‍රෑම් 20 ක් ඇතුලූ දේපල රැසක් සොයා ගැනීමට පොලිසිය සමත්වී ඇත.
නිවසේවලින් සොරාගත් රුපියල් ලක්ෂයක පමණ මුදලක් හෙරොයින් පානයට වැය කර ඇතැයිද එක් අයකුට දිනකට රුපියල් 3000 ක හොරොයින් පානය කිරීමේ යෙදී ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

2025 දෙසැම්බර් මස 04
341
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිවාස බිඳ දේපළ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට