(ඩබ් ඒ පියතිලක)
හිගුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේ නිවෙස්වල සිටින කුකුළන් කාලයක සිට ගිලදැමූ පිඹුරෙකු අල්ලා මැදිරිගිරිය වනජිවි නිළධාරින්ට භාරදීමට ගම්වාසීන් කටයුතු කර තිබේ.
දිග අඩි 13ක් පමණ වන මෙම පිඹුරාගේ විශ්කම්භය අගල් 6ක පමණ වන බව වනජිවි නිළධාරිහූ කියති.
ගම්මානයේ කුකුලන් සහ සුනඛයින් දිනෙන් දින අතුරුදන් වන බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලුවත් කුමන අයුරින් අතුරුදන් වෙනවා දැයි සොයා ගත් නොහැකි වු බවත් ගැමියෝ කීහ.
නමුත් ඊයේ (26) කුකුල් කොටුවක් තුළ කුකුලන් තිදෙනෙකු ගිල දැමිම නිසා ගමන් කිරිමට නොහැකිව කුඩුව තුළම සිටි පිඹුරා නිවෙස් හිමියන් සහ අසල්වාසින් එක්ව අල්ලා වනජිවි නිළදාරින්ට භාර දුන් බව ගම්වාසින් පැවැසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd