(සුමතිපාල දීයගහගේ)
රත්ගම කටුදම්පෙ ප්‍රදේශයේ නිවසක් තුළදී වැටිමෙන් පසු රෝහල්ගත කළ විදේශිකයෙකු මිය ගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ටෙරන්ස් පීටර් නමැති 72 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකි.
චින ජාතික කාන්තාවක් සමග විවාහවී සිටින මෙම එංගලන්ත ජාතිකයා රත්ගම කටුදම්පෙ ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගෙන වසර අටක කාලයක් තිස්සේ එහි පදිංචිව සිට ඇත.
මොහු නිවසේදී වැටීමෙන් පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණයවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd