
(ටී.එච්.සරත්)
තලාතුඔය පොලිස් වසමට අයත් මුදුනකඩේ ඩිපෝව පාරේ ඇති අතුරු මාර්ගයකදී රුපියල් ලක්ෂ 23ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 600 ක් සමග පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
මුදුනකඩේ ඩිපෝව පාරේ කුලී නිවසේ බිත්තියක වු රහස් කුටීරයක තිබී මෙම ගංජා තොගය සොයා ගෙන තිබේ. මෙම නිවස ආරක්ෂිත ස්ථානයක් ලෙස පවත්වා ගෙන ගොස් ඇතැයි සැක කෙරේ.
මොහු වයස අවුරුදු 38 ක් වු පුද්ගලයෙකු වන අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකි. මොහු ජංගම දුරකථන අලුත්වැඩියා කරන්නෙකු ලෙස අනුරගම ප්‍රදේශයේ වෙළෙඳ සැලක් ද පවත්වා ගෙන ගොස් තිබේ.
මෙම පුද්ගලයා අනුරගම, හා ඩිපෝව පාර මුදුනකඩේ යන ප්‍රදේශ වල පදිංචිකරුවෙකු ලෙස ලිපිනයන් දෙකක් ලබා දී ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා තලාතුඔය පොලීසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.