IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිවසක් තුළ නිධානයක් ගැනීමට ගිය 5 ක් අත්අඩංගුවට

( ජයරත්න වික්‍රමාරච්චි)
 
සාලියවැව පළුගස්සේගම ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ පොළොව කැනීමක් සිදු කළ බවට සැකපිට කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු  අද (9) අලුයම අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.
 
නිධන් හැරීමට ගන්නා  උපකරණ තොගයක් ද  ඔවුන් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත් අඩංගුවට ගත් උපකරණ තොගය අතර, පොළොව කැණීම් කරන අත් මැසින් (ඩ්‍රිල්) 2ක්, වතුර මෝටරයක්, යකඩ ඉන්නක්, උදැල්ලක්, ගල් විදින කටු කිහිපයක්, පූජා භාණ්ඩ ඇතුළ උපකරණ 26ක්  තිබු බවද පොලීසය සඳහන් කරයි.
 
කිසියම් පිරිසක් අදාළ ස්ථානයේ කැණීමක් සිදු කරන බවට  ලද තොරතුරකට සාලියවැව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් මෙම වැටළීම සිදුකර තිබේ.
 
එම අවස්ථාව වනවිට නිවසේ කාමරයක දෝනාවක් මෙන් විශාල වළක් හාරා තිබූ බවත්, ඒ අනුව එම නිවසේ හිමිකාරිය ඇතුළුව සැකකරුවන් පිරිස හා අදාළ උපකරණ තොගය මෙසේ අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
 
අත් අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුරය, දඹුල්ල සහ සාලියවැව ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, මෙම සිදුවීමට සම්බන්ධ තවක් සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදු කරන බවත් පොලීසිය පවසයි.
 



අදහස් (0)

නිවසක් තුළ නිධානයක් ගැනීමට ගිය 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 117 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site