
(රංජිත් රාජපක්ෂ)
හැටන් ආරියගම ප්‍රදේශයේ නිවසක කාමරයක හටගත් ගින්නකින් එම කාමරයේ සිටි තිදරු මවක් ගින්නෙන් පිලිස්සි ජීවිතක්ෂයට පත්ව ඇතැයි හැටන් පොලිසිය කියයි.
ගින්නෙන් ජීවිතක්ෂයට පත් වි ඇත්තේ විශ්‍රාමික ගුරුවරියක් වන ඩේසි සැමුවෙල් නැමති 74 හැවිරිදි තිදරු මවකි.
අද(24) දින පස්වරු 3.30 ට පමණ නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේ නිවසේ කාමරය තුල ගිනිනක් හටගත් බවත් , පැතිර යමින් තිබු ගින්න ප්‍රදේශවාසින් එක් ව පාලනය කළ පසු කාමරය තුල සිටි තිදරු මව ගින්නෙන් පිලිස්සි ජිවිතක්ෂයට පත් වී සිටිනු දුටු බවත් අනාවරණය වී තිබේ.
තිදරු මවගේ සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය හැටන් මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.බී.පලිපාන මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.