IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිව්වැලි වත්තේ නාය යාමෙන් අවතැන්වූ 59 ක් තාවකාලික ස්ථානවලට

(රංජිත් රාජපක්ෂ)  
                   
කාසල්රි ජලාශයට යාබදව පිහිටි නොර්වුඩ් නිව්වැලි වත්තේ වතු නිවාස පේළියකට ඉහළින් වු පස් කන්ද තවදුරටත් අවදානමක් පවතින නිසා එම වතු නිවාස පේලියේ පදිංචි පවුල් 12 කට අයත් සමාජිකයන්  59 දෙනෙකු නොර්වුඩ් නිව්වැලිගම දෙමළ මහ විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති බව එම වතු යායේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසීය.
 

ඊයේ (13) පස්වරු 4 සිට වරින් වර එම වතු නිවාස පේළිය මතට පස් කන්ද කඩා වැටෙමින් පැවති බවත්, තවදුරටත් එම පස් කන්ද කඩා වැටීමේ අවදානමක් තිබේද යන්න පිළිබදව පරික්ෂා කර බලා වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත දැනුම් දි ඇති බවයි නොර්වුඩ් පොලිසිය සඳහන්  කරයි.
 
වතු නිවාස පේළියේ  පදිංචිව සිටි අවතැන් වුවන්ට අවශ්‍ය   ආහාර පාන සහ පහසුකම් වතු පාලන අධිකාරිය සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාව මගින් ලබා දී ඇත.



අදහස් (0)

නිව්වැලි වත්තේ නාය යාමෙන් අවතැන්වූ 59 ක් තාවකාලික ස්ථානවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site