(හැටන් රංජිත් රාජපක්ෂ)                                       

සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලිය සංචාරය සදහා පැමිණි තරුණයන් 24 දෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ජෙ.එල්.ජමිල් මහතා පැවසිය.


හැටන් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේදී අද (22) උදෑසන සිට පස්වරු 6 දක්වා හදිසි වැටලීමකදි මෙම තරුණයින් සැකපිට අත්අඩංගුවට ගැනිමට හැකි වි තිබේ.
එහිදී තරුණයන් 23දෙනෙක් ගංජා ලග තබා ගැනිම චෝදනා යටතේත්, තවත් තරුණයන් දෙදෙනෙකු සන්තකයේ නීති විරෝධි දුම්වැටි ලග තබා ගැනිම යටතේත් අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20-25 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, ඔවුන් කොළඹ, ගාල්ල, මාතර, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව හැටන් පොලිසිය පවසයි.


සැකකරුවන් සන්තකයේ තිබී කේරල ගංජා මිලිග්රුම් 45200 අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (23) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.