(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මූන්දලම සියඹලන්කොටුව ජලාශයේ සොරොව්වක ඇති වූ දෝෂයක් කඩිනමින් සකස් කර දීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කටයුතු කළ බැවින් අක්කර 500 ක පමණ වන ගොයම බේරා ගැනීමට හැකිවූ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඒ. එම්. ආර්. එම්. එන්. කේ. අලහකොන් මහතා පැවසීය.
සියඹලන්කොටුව ජලාශයේ දකුණු සොරොව්වේ ඇති වූ දෝෂයක් කඩිනමින් සකස් කර දෙන ලෙස පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය විසින් නාවික හමුදා මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබේ.
කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් අඩි 10 ක් පමණ වූ මෙම සොරොව්වේ ගැඹුරු දියේ කිමිදී එය නැවත තිබූ ආකාරයට සකස් කර ඇත.
මේ හේතුවෙන් අවධානමට ලක්ව තිබූ අක්කර 50 පමණ පැළ ගොයම බේරාගැනීමට හැකි වූ බව දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කමල් විජයරත්න මහතා පැවසීය.



2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාවික හමුදා කිමිදුම්කරුවෝ සියඹලන්කොටුව සොරොව්වේ දෝෂය සකසති