(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා පැමිණ සිටි නාවික සෙබළු 21 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා අද (25) දින අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළදී පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කළ බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක කළුතර මහ රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.
අගලවත්ත, බුලත්සිංහල, මතුගම සහ බදුරලිය පදිංචි එම නාවික සෙබළුන් ගේ පී.සී.ආර් පරීක්ෂණයේ වාර්තාව හෙට (26) දින ලැබීමට නියමිත බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd