පැතුම් දර්ශන
හොරොව්පොතාන තිරප්පන්කඩවල ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත නාවික සෙබළාගේ සොහොයුරියක වන පවුල් සෞඛ්‍ය සේවිකාවගේ සිදුකළ පී.සී.අර්. පරීක්ෂණයෙන් ඇයට කොරෝනා ආසාදනය වී නොමැති බවට මීට සුළු මොහොතකට ඉහතදී තහවුරු කරගත් බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
ඒ අනුව වෛරසය ආසාදනය වූ නාවික සෙබලාගෙ සමීපතයින් තිදෙනකුට මේ වන විට සිදුකර ඇති පී.සී.ආර්. පරික්ෂණ වලදි වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කරගෙන ඇති අතර තවත් තිදෙනෙකුගේ වාර්තා හෙට(02) ලැබීමට නියමිත බව ද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.