IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


නවකවධ සිද්ධියට රිමාන්ඩ් කළ සරසවි සිසුන් 12 දෙනාට ඇප

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                               
            
නවකවධ සිද්ධියක් මුල්කරගනිමින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සිසුන් 12 වෙනුවෙන් කුලියාපිටිය පළාත්බද මහාධිකරණයෙන් කළ ඇප අයැදුම සළකා බැලූ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතා එක් අයකුට රුපියල් 250,000 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් මුදාහැරීමට ලබාදී තිබූ ඇප නියෝගය කියවා දෙමින් කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය අද (5) නියම කළාය.

එහිදී මහාධිකරණයෙන් නිකුත් කර තිබූ ඇප නියෝගයේ කොන්දේසි ද මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී කියවා දුන් අතර ඇපකරුවන් සැකකරුවන්ගේ සමීප ඥාතීන්වීම අනිවාර්ය බවත් ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කරන ලියවිලි විවෘත අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත‍්‍රාත්වරිය කළාය.

ඇප ලැබීමෙන් පසුව සිදුවීම හා රක්‍ෂිත බන්ධනාගාර ගතවීම සම්බන්ධව විශ්වද්‍යාලයීය සිසුන්ගේ දේශන හා අධ්‍යයන කටයුතුවලට බාධා ඇතිවන අන්දමින් හෝ පරිපාලනයට අවහිර වන කිසිදු සිදුවීමක් වාර්තා වුවහොත් නඩුකටයුතු අවසන් වන තෙක් රක්‍ෂණ බාරයේ තැබීමට අධිකරණය කටයුතු කරන බවත් නියෝගයේ වැඩිදුරටත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය. 

එසේම සැකකාර සරසවි සිසුන් සියලූ දෙනා අමතමින් විධිමත් අධ්‍යාපනයක් ලබා සරසවි වරම් ලබන්නේ ඉතා සීමිත පිරිසක් බැවින් අන් අයට තිබූ අවස්ථාවන් අහිමි කරමින් තමන්ගේ වාසනාගුණ මහිමයට ලද එම අවස්ථාව උපයෝගී කරගනිමින් විවිධ පුද්ගල කණ්ඩායම් අරමුණු වෙනුවෙන් නොව හරිහැටි කුසට අහරක් නොගෙන දරුවන්ගේ ජයග‍්‍රහණයම අපේක්‍ෂා කරමින් කඳුලූ හා දහදිය හෙලන දෙමාපියන්ගේ අවශ්‍යතාවයන් හා බලාපොරොත්තු ඉටුකිරීමට වගබලාගන්නා ලෙසත්, විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනයෙන් පසුව සියලූදෙනා යහපත් පුරවැසියන් ලෙස රටට සේවය කළයුතු බව සිත්හි තබාගෙන කටයුතු කළයුතු ලෙසටත් මහේස්ත‍්‍රාත් ජනනී විජේතුංග මහත්මිය  අවවාද කළේය.

එමෙන්ම විත්තිකූඩුව විධිමත් අධ්‍යාපනයක් ලද මනසින් වර්ධනය වූවන්ට අනිසි ස්ථානයක් බැවින් නැවත වෙනත් අවස්ථාවකදී හෝ එම විත්තිකූඩුවට වෙත නොයන්නට වැඩකටයුතු සිදුකරන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය එහිදී සිය අවවාදයේ දී වැඩිදුරටත් සැකකරුවන්ගේ අවධානයට ලක් කළාය.

විවෘත අධිකරණයට ඇපකරුවන් කැඳවා හඳුනාගැනීමෙන් පසුව අධිකරණ භාෂණ පරිවර්ථක ආරියරත්න මහතා මගින් ඇපකරුවන් ඇමැතූ විනිසුරුවරිය සියලූම දෙනා මේ වනවිට අත්සන් තබන්නට සූදානම් වන්නේ රුපියල් දෙලක්‍ෂ පනස්දහස බැගින් වූ ඇපයකට බව සිහිතබාගත යුතු බවත් එක් නඩු වාරයකදී හෝ සැකකරුවන් අධිකරණයේ පෙනී නොසිටියහොත් ඇප මුදල් රාජසන්තක කිරීමට සිදුවන බවත් සඳහන් කළාය.

වයඹ සරසවි ජ්‍යෙෂ්ඨ සිසුන් 12 දෙනෙකු එලෙසින් මහාධිකරණ ඇප නියෝගයට අනුව මහේස්ත‍්‍රාත්වරිය විසින් අද (5) දැඩි කොන්දේසි මත මුදා හැරියහ. වැඩිදුර විභාගය සඳහා නඩුව අපේ‍්‍රල් මස 10 යළි කැඳවීමට නියමිතය.

නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කුලියපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා, පොලිස් පරීක්‍ෂක ආනන්ද යන මහත්වරුන් ද සැකකාර සිසුන් වෙනුවෙන් නීතිඥ චම්පික ලසිතකුමාර, දයානි එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ද පෙනී සිටියහ.



අදහස් (0)

නවකවධ සිද්ධියට රිමාන්ඩ් කළ සරසවි සිසුන් 12 දෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 922 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2539 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site