IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිලාවේලි මුහුදේ ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීමෙන් මුහුදු ජීවින්ට හානි

 
(අමදෝරු අමරජීව)
 
ත්‍රිකුණාමලය නිලාවේලි  අවට මුහුදු තීරයේ ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලිමේ  නිති විරෝධි කටයුතු පාලනය කර ඇතත් සුළු පිරිසක්  තවමත් එම නිතිවිරෝධි කටයුතුවල නියැලෙන බැව් නාවික හමුදාව කියයි.
 
 
නිලාවේලි අවට මුහුදු තීරයේ පිහිටි පරෙවි දූපතේ ඇති දුර්ලභ කොරල් පරවලට,  මුහුදු ජිවින්ට,  ලොකු කුඩා මාලුන්ට මෙන්ම මසුන්ගේ ප්‍රජනන අවස්ථාවේ ඇති බිත්තර වලටද අහිතකර පුපුරණ ද්‍රව්‍ය යෙදිම නැවැත්විම සදහා අදියර කිහිපයක් යටතේ  ජනතාව දැනුවත් කිරිමට පියවර ගෙන ඇතැයි නාවික හමුදාවේ  ත්‍රිකුණාමලය උතුර අණ භාර නිලධාරි කපිතාන්  හැන්ලි පිරිස් මහතා පැවසිය.
 
පුපුරණ ද්‍රව්‍ය යොදා මාලු ඇල්ලිමට  ජාවාරම්කරුවන් පෙළඹවීමෙන්  විනාශ වි ගෙන යන  මුහුදු සම්පත රැකගැනිම සදහා පාසල් සිසුන්  හරහා වැඩිහිටියන්  දැනුවත් කිරිම,  ධීවර සමිතිවල නායකයන් මෙන්ම ග්‍රාමීය ප්‍රජා සමිති වල නායකයන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවක් ඉදිරියේදි ආරම්භ කරණබව අණ භාර නිලධාරිවරයා පෙන්වා දුන්නේය.
 
 
ධිවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය,තවදුරටත්  ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට නම්  පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරිම නැවැත්විය යුතු බවත් ඒ සදහා එවැනි කටයුතු වල යෙදෙන ධිවරයන් පුපුරණ ද්‍රව්‍ය ලබාදෙන ජාවරම්කරුවන් අත්අඩංගුවටගැනිමට නාවික හමුදාව පැය24 පුරා දැඩි සෝදිසියකින් පසුවන බවද කිවේය.
 
මේ සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, වෙරළ සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආදි ආයතන වලින් ලැබෙන සහයද මෙහිදි අගය කළේය.
 
විශේෂයෙන්ම සංචාරකයන්ගේ සිත් දිනාගත් නිලාවේලි පරෙවි දූපතේ කොරල්ආරක්ෂා කරගැනිම කාගෙත් යුතුකමක් බවද මෙහිදි  අණභාර නිලධාරිවරයා තවදුරටත්පැවසිය.
 
 
 
 
 
 
 
 



අදහස් (0)

නිලාවේලි මුහුදේ ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීමෙන් මුහුදු ජීවින්ට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site