ඩී.ජී.සුගතපාල
පොලිස් සේවයට කැළලක් ඇතිවන අයුරින් අපකිර්තිදායක ලෙස හැසිරි නිරෝධායන කටයුතුද උල්ලංඝණය කරමින් රාජකාරිය පැහැර හරින ලද මාතර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ සේවය ඊයේ(01)සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැරයන්වරයා කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම්කර ඇති මිගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මාතරට ගෙන්වා ගෙන කැකණදුර තලල්ල ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසේ නවතාගෙන ඇය සමග සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.
මේ අතර ප්‍රදේශවාසින් විසින් කරන ලද දැනුම්දිමක් අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැමිණ ඇය එම නිවසේම නිරෝධායනයට යොමුකර තිබේ.
එහෙත් කොස්තාපල්වරයා නිරෝධායන නීති රීති උල්ලංඝණය කරමින් ඇය සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන යාම නිසා මෙසේ වැඩ තහනමට ලක්කර තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.