IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිරෝධායනය වූ 223 දෙනෙක් පිටව යති

(මඩුකන්ද  සිතුම් චතුරංග)

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නි‍රෝධායනය අවසන්කළ නාවික හමුදා සෙබලුන් 223ක්  අද (27) නිවෙස්වෙත පිටත්ව ගිය බව ගුවන් හමුදාව පවසයි.

කොවිඩ් - 19  වෛරසය වැලිසර නාවික හමුදා කඳවුරේ ව්‍යාප්ත වීමත් සමඟ එම කඳවුරේ රාජකාරී කරමින් සිටි මෙම නාවික භටයින් පිරිස නිරෝධායනය සඳහා පසුගිය මැයි මාසයේ මුලතිව් ගුවන් හමුදා කඳවුරවෙත රැගෙනඑනු ලැබීය.

එම පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරේ දින 40 කාලයක් නිරෝධායනයවූ අතර ඔවුන්ගෙන් පුද්ගලයින් 27 දෙනකු කොවිඩ් - 19 වෛරස ආසාදනයවී මුලතිව් රෝහලේ විශේෂ ඒකකය වෙත ඇතුලත් කර තිබිණි.

පිටවයන නාවික හමුදා සාමාජිකයින් වෙත කොවිඩ් - 19 වෛරසය ආසාධනය වී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා පී.සි.ආර් පරීක්ෂණය සිදුකළ බවත් එහි වෛරසය ආසාධනය වූ කිසිදු සෙබළකු වාර්තා නොවූ බවද ගුවන් හමුදාව පැවසීය.

සාර්ථකව නිරෝධායනය අවසන්කළ නාවික හමුදා සෙබලුන් වෙත නිරෝධායන සහතිකපත් ප්‍රදානය කිරීමද සිදුකෙරිණි.

පිටව යන නාවික හමුදා සාමාජිකයින් වෙත ගුවන් හමුදාව විසින් ප්‍රවාහන පහසුකම්ද ලබාදී තිබුණි



අදහස් (0)

නිරෝධායනය වූ 223 දෙනෙක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site