(පද්මා කුමාරී කංකානම්ගේ)
නොරොච්චෝල නගරයේ ප්ලාස්ටික් බඩු වෙළද සැලක,අද (12 )දින සන්ධ්‍යාවේ ඇතිවු ,හදිසි ගින්නකින් එම වෙළදසැල ගිණිගෙන ලක්ෂ 30 කට වැඩි අලාභයක් සිදුව ඇතැ යි නොරොච්චෝල පොලිසිය පවසයි.
වෙළද සැළේ හිමිකරුවන නොරොච්චෝල පදිංචි,මොහොමඩ් අලි පැවසුවේ,තමන් සහායකයා ද සමගින්, අද (12) දින සවස දේවස්ථානයේ ගොස් පැමිණෙමින් සිටියදී වෙළද සැළ තුලින්,දුමාරයක් පිටතට පැමිණෙමින් තිබූ බවත් .වහාම අසල්වැසි පිරිස් එක්ව,පොලිසියට දැනුම්දුන් බවත් ය.
අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිසිය හා , නොරොච්චෝල ලක් විජය බළාගාරයේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වූ බව පොලීසය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අණාවරනය වී නොමැති අතර,නොරොච්චෝල පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd