(හැටන් රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ඉකුත් මස 19වැනි දින ගිනිගත්හේන නගරයේ නායගිය වෙළඳසැල් 11හි වෙළඳ ව්‍යපාරිකයින් සහ නායයෑමේ අවදානමක් නිසා ඉන් ඉවත් කළ තවත් වෙළඳසැල් 42ක ව්‍යපාරිකයින් ගිනිගත්හේන නගර මධ්‍යයේ අද (03) උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.
නායයාම නිසා එහි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ගිනිගත්හේන නගරයේ ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණයකින් පසු තවත් වෙළඳසැල් 42ක් නායයාමේ අවදානමක පවතින බවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරයාට සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට ලබාදුන් නිර්දේශයක් මත එම වෙළඳසැල් 42 කට අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් නිකුත් කර තිබූ වෙළඳ බලපත්‍රය තාවකාලිකව ප්‍රාදේශිය සභාව මගින් අත්හිටුවනු ලැබීය.
ඉන් අනතුරුව විදුලි බල මණ්ඩලය මගින්ද එම වෙළඳසැල් වෙත ලබා දි තිබු විදුලි බලයද විසන්ධි කරනු ලැබීය.
උද්ඝෝෂණයේ නියැලි සිටින අවතැන් වූ ව්‍යාපාරිකයන් ඉල්ලා සිටින්නේ තම ව්‍යාපාරික ස්ථාන වලින් ඉවත් කිරිම නිසා තම ආර්ථික ගැටළු රාශියකට මැදිවී සිටින බවයි.
එමනිසා ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යාමට ගිනිගත්හේන නගරයේ සුදුසු ස්ථානයක ඉඩමක් හෝ වෙළඳසැල් ලබාදෙන ලෙස උද්ඝෝෂයේ නියැලි සිටින ගිනිගත්හේන නගරයේ ව්‍යපාරිකයෝ කියා සිටිති.
මෙම උද්ඝෝෂණයට සමගාමිව ගිනිගත්හේන නගරයේ සෙසු වෙළඳසැල්වල ව්‍යාපාරිකයන් විසින් කළු කොඩි ඔසවා උද්ඝෝෂණය ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට සිදු කරනු ලබයි.
මෙම ගැටළුව සම්බන්ධයෙන් අප අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතාගෙන් කළ විමසුකමට ඔහු කියා සිටියේ නායයෑමෙන් සහ නායයමේ අවදානමක් නිසා අවතැන් වූ වෙළඳ ව්‍යාපාරිකයන් සදහා ගිනිගත්හේන නගරයේම සුදුසු ස්ථානයක වෙළඳසැල් ඉදි කිරීමට කටයුතු කරන බවයි.



2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
862
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නායයෑම් හේතුවෙන් ඉවත්කළ වෙළඳ ව්‍යාපාරිකයන් උද්ඝෝෂණයක
රජින්ද Saturday, 03 August 2019 05:56 AM
නාගරික නොවන ඔය කිසිම පාරක් අයිනේ කඩවල් කරගෙන හිටියට එම ඉඩම්වල අයිතිය ඇත්තේ මම හිතන්නේ මාර්ග සංවර්ධන අධිකාරියටයි. එතකොට මොවුන් බලහත්කාරයෙන් හෝ දේශපාලන හයියෙන් ව්‍යාපාර කරලා එතන ස්වභාවික ආපදාවකට ලක් උනොත් ඔවුන්ට වන්දි දෙන්න හෝ සාධාරණයක් කරන්න රජයකට බල කරන්නේ කොහොමද? රජයක් මෙවැනි අයට වන්දි දෙන්නේ අපේ බදු සල්ලි වලින් එය කෙතරම් සාධාරණද. අනික් අතට මොවුන් මේ ජීවිත අවධානමක් අරගෙන කඩ කරන්න ඉල්ලනවානම් මොවුන්ට දෙන්න, මොවුන්ගේ ජීවිත ගැන වගකීම බාර නොගෙන.