(ජුඩ් සමන්ත)
පවතින දැඩි නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 66,448 ක පුද්ගලයින් 2,16,670 ක් සහ මුහුද රළු වීම නිසා පවුල් 25 ක පුද්ගලයින් 78 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ හලාවත සහ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය.
හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7769 ක පුද්ගලයින් 29,252 කු පීඩාවට පත්ව සිටී.ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 10,174 ක පුද්ගලයින් 26,715 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7162 ක පවුල් 22497 කුද,පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7013 ක පුද්ගලයින් 22446 කුද,නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6170 ක පුද්ගලයින් 22694 දෙනෙකුද පීඩාවට පත්ව සිටී.මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 22694 කුද,වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3181 ක පුද්ගලයින් 12796 ක්ද,මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3379 ක පුද්ගලයින් 10113 කුද පීඩාවට පත්ව සිටින අතර මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4194 ක පුද්ගලයින් 14206 දෙනෙකුද පීඩාවට
පත්ව සිටී.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3458 ක පවුල් 12257 ක් සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6591 ක පුද්ගලයින් 25628 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මහවැව,නාත්තන්ඩිය,දංකොටුව,වෙන්නප්පුව,සහ කල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නියඟය හේතුවෙන් එල්ලවී ඇති පීඩාව සම්බන්ධයෙන් තොරතුරු එම සටහනේ දක්වා නැත.
මීට අමතර පසුගිය දිනවල මුහුද රළු වීම නිසා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 25 ක පුද්ගලයින් 78 දෙනෙකුද පීඩාවට පත්ව සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
2025 නොවැම්බර් මස 17
89
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
930
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නියඟය - මුහුද රළු වීම නිසා පුත්තලමේ වැසියෝ පීඩාවට