IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නියඟයෙන් උතුරේ ලක්ෂ 2 ක් පීඩාවට

(රොමේෂ් මධුෂංඛ)
 
පවතින  වියළි  කාලගුණය  නිසා උතුරු  පළාතේ  පුද්ගලයින් ලක්ෂ දෙකකට ආසන්න  පිරිසක්  පීඩාවට පත්ව තිබේ.

පීඩාවට පත් වැසියන් වෙනුවෙන් දෛනිකව බවුසර මගින් පානීය ජලය ලබා දීමේ වැඩසටහනක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක විසින් පියවර ගෙන ඇත.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සහ සෙසු පළාත් පාලන ආයතන එක්ව, පළාතේ පීඩාවට පත් සියලු ජනතාව වෙත පානීය ජලය ලබාදීමට පියවර ගෙන ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ප්‍රදේශ වෙනුවෙන් ජල බවුසර් 25 කින් දිනපතා පවුල් 21,000 කට අයත් පුද්ගලයින් 70,000 අධික පිරිසකට ජලය බෙදා හැරීම සිදුකෙරෙයි.
 
එමෙන්ම වියළි කාලගුණයෙන් පීඩාවට පත් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 6400 කට අයත් පුද්ගලයින් 25,000 කට පමණ පානීය ජලය ලීටර් 150,000 ලබාදීම ආපාදා කළමනාකරන ඒකක මගින් සිදු කරනු ලබයි.
 
කිලිනොච්චි දිස්ත්‍රීක්කයේ පීඩාවට පත් ප්‍රදේශ වෙත පානීය ජල ටැංකි 364 ක් ස්ථාපනය කොට දිනපතා බවුසර් 20 කින් ජලය පිරවීම කෙරෙන අතර පානීය ජලය ලීටර් 25,000 ක් පමණ, දෛනිකව නිවෙස්වලට ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
 
එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස  6 ක් තුළම  ලීටර් 1000 ජල ටැංකි 40 ක් ස්ථාපිත කර බවුසර් මගින් ඒවාටද ජලය සැපයෙන අතර 50,000 කට ආසන්න පිරිසකට ජලය බෙදා හැරේ.
 
වව්නියාව දිස්ත්‍රීක්කයට බලපා ඇති වියළි කාලගුණයෙන් පීඩාවට පත් පවුල් 39 කටද එක් බවුසරයක් මගින්  දිනපතා ජලය බෙදා හැරීම සිදු කරනු ලබයි.

කෙසේ වෙතත් පවතින තත්වය අනුව ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි ආකාරයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානද  ශක්තිමත් කර තිබේ.


 



අදහස් (0)

නියඟයෙන් උතුරේ ලක්ෂ 2 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site